පුවත්

බිත්තර මිල ඉහළට

Published

on

පසුගිය සතියේදී රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ සතිය වනවිට රුපියල් 4 ත් 6 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32 ත් 34 ත් අතර මිලක් දක්වා ඉහල ගොස් ඇත.

එළඹෙන උත්සව සමයත් සමග බිත්තර සදහා තිබෙන ඉල්ලුමද ඉහළ ගොස් ඇති අතර මේ නිසා ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා තිබෙන බවත්,ඉදිරි දිනවලදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.

දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තරයක් රුපියල් 25 ක් දක්වා මිලකට අලෙවි විය.

Trending

Exit mobile version