ඉන්දීය පාකිස්තාන ගැටුමත් සමග පාකිස්තානයට මෙරට බුලත් අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට බුලත් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවට එම ගොවීහු මැසිවිලි නගති.
මෙම ගැටලුව විසඳෙන දිනයක් නිශ්චිතවම නොමැති වීම හේතුවෙන් ගොවීන්ට යළි වගාවන්වලට ප්‍රවේශවීමට නොහැකිව බලාසිටීමට සිදුව ඇතැයිද ඔවුහු පවසති.
මේ පිළිබඳව අදහස් දක්වමින් බුලත් ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්. එල්. සරත් චන්ද්‍රසිරි පැවසුවේ පාකිස්තානයට බුලත් කොළ දහසක් අපනයනය කරනු ලබන්නේ රුපියල් විසිපන්දහසකට වැනි මුදලකට බවය.
කෙසේ වෙතත් ඉන්දීය පාකිස්තාන ගැටුම අවසන් වන තෙක් බලා සිටීමට නොහැකි බැවින් බුලත් සඳහා එංගලන්තය, ජර්මනිය ආදී යුරෝපීය රටවල් ගණනාවක මෙන්ම මාලදිවයින, මැලේසියාව ආදී රටවලට විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති මොහොතක එම රටවලට බුලත් අපනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලීමක්ද කරයි.
“අපි ණය ඉල්ලන්නෙ නැහැ. වෙනත් සහනාධාර ඉල්ලන්නෙත් නැහැ. අපි සබඳතා ගොඩනගලා ඇතිකරගන්න වෙළෙඳ අවබෝධතා අනුව බුලත් අපනයනය කරන්න අවශ්‍ය යටිතල පහසුකම් සපයලා දෙන්න කියලා විතරයි ඉල්ලන්නෙ. ඒක කරල දුන්නම අපි රටට අපේ ශක්ති ප්‍රමාණයෙන් ඩොලර් ගෙන එන බව අපි රජයට කියනවා. අපිට අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. රජයකට පමණක් කරන්න පුළුවන් කොටසක් තියනවානෙ අන්න ඒ ටික පමණයි අපි ඉල්ලන්නෙ. බුලත් රෝග, වෛරස් ගැටලු කළමනාකරණය කර ගන්න දැනට අපේ ගොවීන්ට පුළුවන්. ගොවීන් කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නෙ අමුඩය ගසාගන ඉන්න කෙනෙක් කියලා. ගොවිතැන වේලාවෙ ඒක එහෙම වුණත් එදිනෙදා ජීවිතයේ ඒ හැම කෙනෙක්ම කාටත් අතනොපා ලස්සනට ජීවත්වෙනවා. තොරතුරු තාක්‍ෂණය උපයෝගී කරගන විදෙස් රටවල සබඳතා අනුව වෙළෙඳපොළත් සොයාගන්නවා. රජයෙන් ඉල්ලන පොඩි දේ නොවුණොත් මේ තියන එකම පාකිස්තාන වෙළෙඳපොළ අහිමිවුවහොත් බුලත් වගාව ඉවරටම ඉවරයි.
මේ කර්මාන්තය එන්න එන්න දියුණු වෙමින් බුලත් ගොවීන් කාටත් අත නොපා ස්වයංව නැගිටිමින් මෙරටට ඩොලර් ගේන කාර්යාවලියට සක්‍රීය දායකත්වය දෙමින් ඉන්න අවස්ථාවෙ තමයි මේ යුද ගැටුම් නිර්මාණය වුණේ. අපේ බුලත්වලට තිබුණ හොඳම වෙළෙඳපොළ වෙලා තිබුණෙ පාකිස්තානය. එරට බොහෝ පිරිසක් බුලත් කනවා. එරට අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණයි අපි බුලත් යවන්නෙ. ඉතිරි අවශ්‍යතාව ඉන්දියාවෙන් වගේම දැන් දැන් පාකිස්තානයේ බුලත් වවන්නත් පටන් අරගන. ඒත් භූගෝලීය සාධක හේතුවෙන් වෙන්න ඇති අපේ රටේ බුලත්වලටට තියන ඉල්ලුම හරිම ඉහළයි. බුලත් තියාගන්න බැහැ දින දෙකකට වඩා. ඒ නිසා තමයි ගුවණින් අපි බුලත් යවන්නෙ. අපේ රටේ අවශ්‍යතාවට වඩා බුලත් ප්‍රමාණයක් මේ රටේ දැන් පවත්නා නිසා තමයි මේ බුලත් ඉතාම අඩු මුදලට විකිණෙන්නේ.
මූලාශ්‍රය – අරුණ