Connect with us

පුවත්

බිත්තර හැංගුවේ මිල නැග්ගුවේ ඇමති හා ඥාතියාද?

Published

on

බිත්තර තොග මිල රුපියල් 60 දක්වා වෙළඳ පොළ තුළ ඉහලයාමෙන් පසුව ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කිරීමත් සමඟ කසුකුසුවක් මතුව තිබේ.

මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටින්නේ වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි.

සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවද ඔහු කියා සිටී.

 මේ අතර, නිවුස් ෆස්ට් වාර්තා කර ඇත්ත‌ේ  බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද පැවසු බවයි.

බිත්තර තොග සඟවා සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද ඔහුම පැවසුයේ යැයි එහි වැඩිදුරටත් සදහන්ව තිබේ.

එලෙස තොග සඟවා තබා ගන්නා ස්ථාන පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවද ඔහු පැවසූ බව එහි දැක්වේ.

මිල තීරණය කරන ලොකුම කූල්රූම් ඇති ඇමති ඥාතියා

මේ අතර, ලංකාවේ ලොකුම ශීතාගාර ඇත්ත‌ේ ජා-ඇල ප්‍රදේශයේ බවත්, එය ඇමති ඥාතියකුට අයත් බවත්,  ජාතික පාරිභ‌ෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරයි.

බිත්තර තොග මිල තීන්දු කරන්න‌ේ ද අදාළ ඇමති ඥාතියා බවත්, ඔහුට එම බලය දී ඇත්තේ අමාත්‍යවරයා විසින්දැයි තමා ප්‍රශ්න කරන බවත්, අසේල මහතා විමසා සිටියි.

ඇමති බිත්තර හංගා, ඥාතියා ලවා බිත්තර හිඟය හා මිල වැඩි කිරීම සිදු කළ බවටද ඔහු චෝදනා කර සිටී.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved