ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවය.
ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු 23 වන දින ශ්‍රී ලංකාව නිෂ්පාදන 1,465 ක් ආනයනය සීමා කිරීමට කටයුතු කළේය. කෙසේවෙතත් ආනයනකරුවන් විසින් කරන ලද සාධාරණ ඉල්ලීම් මත පදනම්ව ඉදිරියේදී සීමා කිරීම් ක්‍රමානුකූලව ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.