පුවත්

මහජන බැංකුව අනතුරේ! ; තැන්පත් කරුවෝ සල්ලි අදියි

Published

on

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලු සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ “දිනමිණ” පුවත් පත වාර්තා කර තිබේ.

මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක්ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදු වනු ඇති දන්වා ඇතැයි එහි දැක්වේ.

එම බැංකුවේ වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටලු මතු වුව හොත් සිය ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බැවින් කනගාටුවෙන් වුවද මේ තීරණය ගන්නා බව මහජන බැංකුවෙන් ඉවත්වීමේ තීරණය හේතුව වශයෙන් ව්‍යාපාරිකයෝ ජනපතිවරයාට දන්වා තිබේ.

මහජන බැංකුවේ සේවකයන්ද පෙරේදා (15) පැවැති වර්ජනයට එකතු වීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමැති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇතැයි ද පැවසේ.

රජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත්, එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයන් අපහසුතාවට පත් වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට පැහැදිලි කර දී තිබේ. 

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර, වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේ අතර, රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (16) මුදල් අමාත්‍යාංශයේදී අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවද පැවසේ.

මහජන බැංකු ශාඛා වැඩ නැත්තේ 113යි – PMD

කෙසේවුවද, ජනාධිපති මාධ්‍ය අංශය වර්ජනය ක්‍රියාත්මක වූ පෙරේදා (15) නිවේදනය කර තිබුණේ මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක බව තහවුරු කර ඇති බවයි.

එසේම, පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බව ඒ මහතා පවසන්නේ යැයි එහි වැඩිදුරටත් දැක්විණි.

තැන්පත්කරුවෝ සල්ලි අදියි

මේ අතර, ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මහජන බැංකුවේ මුදල් තැන්පත් කර ඇති පාරිභෝගිකයන් බොහෝවිට ඒවා ඉවත් කර ගැනීමට පෙළඹෙනු ඇති බවයි.

සබැඳි පුවත්

වර්ජනයේ තත්ත්වය ගැන PMDය කියන කතා 

PMDයේ අසාර්ථක උත්සාහය !

Trending

Exit mobile version