Connect with us

පුවත්

මහ බැංකු පිරමීඩ නීති හා සෙල්ලම්කරණ මේ අප්පුහාමිලා කවුද?

Published

on

පිරමීඩ ජාවාරමක් බවට මහ බැංකුව නම් කර ඇති මෙරට ලියාපදිංචි Onmax DT යන නමෙන්ම ඔස්ට්‍රේලියාවේ ‌සමාගමක් ඇති බව එහි මුදල් ආයෝජනය කළ ප්‍රසේලි සුරාජ් හා මයුර දිල්ෂාන් යන දෙදෙනා truth with chamuditha යූටියුබ් නාලිකාවට පවසා තිබේ.

ඒ ඔවුන් මෙසේ කියා සිටින්නේ  පිරමීඩාකාර යෝජනා ක්‍රමවල මුදල් ආයෝජනය කිරීම 1988 අංක 30 දරණ බැංකු පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බවට මහ බැංකුව නිවේදනය කර තිබියදීය.

මේ අතර, මහ බැංකු විමර්ශනයකින් පසුව පිරමීඩ සමාගමක් බවට නිවේදන නිකුත් කර ඇති ලංකාවේ ලියාපදිංචි Onmax DT පුද්ගලික සමාගම ද පිරමීඩ ජාවාරමේ නියුතු සමාගමක් නොවන බව ප්‍රසේලි සුරාජ් හා මයුර දිල්ෂාන් යන දෙදෙනාම කියා සිටී.

ඔවුන් මෙසේ කියා සිටින්න‌ේ මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදීය.

එසේම අදාළ නඩු විභාගයේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ලබාදී ඇති නියෝගය ද අභියෝගයට ලක්කරමිනි.

මේ අතර, මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයවලුන් ද ඇතුළත් වන අතර, එම පුද්ගලයන් සිවු දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කර තිබේ.

ලංකාවේ ලියාපදිංචි Onmax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස හදුනාගත් පුද්ගලයන් ඔස්ට්‍රේලියානු සමාගම ලංකාවට හදුන්වා දුන් අය බව කියන ඔවුන් අදාළ සමාගම දේපල වෙළදාම් සමාගමක් ලෙසත් හදුන්වනු ලබයි.

මයුර දිල්ෂාන් නැමැත්ත‌ා මහ බැංකුව විසින් පිරමීඩාකාර ජාවාරමක් බවට නම් කළ තවත් සමාගමක් වන බෙස්ට් ලයිෆ් හි ද ක්‍රියාකාරියෙකි.

එසේම ඔවුන් පෙන්වා දෙන්නේ Onmax DT තහනම් කර ඇත්තේ මහ බැංකුව කිසිදු සොයා බැලීමකින් තොරව බවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක්

Onmax DT ඔස්ට්‍රේලියානු සමාගම තවමත් සිය ව්‍යාපාර කටයුතු කරන බව ද ඔවුන් වැඩිදුරටත් පවසයි.

ඔවුන් මෙසේ නීතිය අභියෝගයට ලක් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ද කර තිබියදීය.

Onmax DT ආයතනයද අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීම් කළ ආයතනවලින් එකකි.

සබැදි පුවත්

ඇමරිකානු මූල්‍ය සමාගමක ගිනුම් 8ක් තහනම් කරන්න උසාවි නියෝගයක්

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved