Connect with us

පුවත්

මුදල් අමාත්‍යාංශය සතු SLT කොටස් විකිණීම අරඹයි

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය අද (12) දහවල් 2න් අවසන් විය.

මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සලකා බලනු ලැබීය.

ඒ අනුව 
Jio Platforms Ltd, Gujrat, India
Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited
Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd
යන සමාගම්වලින් යෝජනා ඉදිරිපත්ව තිබේ.

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගයීමට ලක්කෙරේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබයි.

පුවත්

මර්වින්, ප්‍රසන්න ජුනි 23දා තෙක් යළි රිමාන්ඩ්

Published

on

By

ඉදිකිරීමක් සඳහා රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  නියම කළාය.

මීට ඉහත පැවැති නඩු දිනයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ද ප්‍රතික්ෂේප කළාය.

මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරිණි.

Continue Reading

පුවත්

කෙහෙළියගේ පැමිණිල්ලකට කටඋත්තර දෙන්න රනිල් CIDයට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහාය.

මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Continue Reading

පුවත්

කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක පිපිරීමක්; 5කට තුවාලයි; 4ක් අතුරුදන්

Published

on

By

කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත් බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවද පැවසේ.

නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved