නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව LAUGFS ගෑස් සමාගම පවසයි.
එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සඳහන් කර ඇත්තේ, ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේදීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව ලාෆ්ස් ගෑස් නිෂ්පාදන වල කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු. 3,985ක් හා කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 1,595ක් වශයෙන් පෙර පැවති මිලටම අලෙවි වේ.
පසුගිය නොවැම්බර් 04දා සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමනු ලැබීය.