Connect with us

ව්‍යාපාර

යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම් සඳහා යුරෝ මිලියන 700 ක දඩයක්

Published

on

යුරෝපා සංගමය විසින් ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.

ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් (€500million = $570 million) සහ මෙටා සමාගමට ඩොලර් 228ක් ( €200 million = $228 million)) වශයෙනි.

ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවය.

විශේෂාංග

ට්‍රම්ප්ගේ බදු සහනය තව මාසයයි: ලංකාවේ සැලසුම කුමක්ද?

Published

on

By

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ලබන ජූලි 8 වන දායින් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස සිය තීරු බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ස්ථිර පදනමක් දැමිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, කෘෂිකාර්මික උපකරණ, ලුණු හා බිත්තර ගෙන්වා ගැනීමේදී ආනයන බදු ලිහිල් කර වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම ඔස්සේ නිදහස් වෙළෙඳාමකට යා යුතු බවය.

මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ අමෙරිකාව සම්බන්ධයෙන් වුව ආනයන බදු හා වෙළෙඳපොළ බාධක ඉවත් කළ යුතු බවත් එවිට ඔවුන් ධනාත්මක ලෙස ඒ ගැන සලකා බලනු ඇති බවත් ය.

ජාත්‍යන්තර වෙළෙඳ සංගමයේ මූලධර්ම අනුව සියලු රටවල් සඳහා පොදු වෙළෙඳපොළ බදු ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුය.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද තත්ත්වයට වඩා බොහෝ කාලයක් ආරක්ෂණවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම හා ප්‍රමාණවත් වෙළෙඳපොළ තත්ත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීම හමුවේ ඇති වූ තත්ත්වයක් බව ද  මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව, අප රටක් ලෙස දැන් හෝ ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ විය යුතුය.

එසේ ගිව්සුමකට නොගියොත් වඩාත් අවාසිසහගත වෙළෙඳපොළ කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරග කිරීමට මෙරට ඇඟලුම් අපනයනවලට සිදුවනු ඇති බවට මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අනතුරු ඇඟවීමක් ද දැක්වීය.

මේ අනුව ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ගෝලීය වෙළෙඳ පංගුව අහිමි වීම පමණක් නොව එම ක්ෂේත්‍රයේ පවතින ආයෝජනයන් ද රටට අහිමි වීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරටට සාපේක්ෂව වියට්නාමය සහ බංග්ලාදේශයේ නිෂ්පාදන පිරිවැයෙහි දැවැන්ත වෙනසක් පෙන්නුම් කළහොත් කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ආයෝජකයන් ඔවුන්ගේ ව්‍යාපාර එම රටවලට ගෙනයනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

මහාචාර්යවරයා සඳහන් කළේ, ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසි අවස්ථාවේදී සිදු නොවීමේ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් ඇති බව ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

ව්‍යාපාර

සිමෙන්ති මිල ඉහ­ළට

Published

on

By

කිලෝ­ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ට­යක මිල ඊයේ (08) සිට ක්‍රියා­ත්මක වන පරිදි රුපි­යල් 100කින් ඉහළ දැමී­මට සිමෙන්ති සමා­ගම් පිය­වර ගෙන තිබේ.

සිමෙන්ති තොග මිල පම­ණක් මේ අනුව වෙනස් වන අතර සිල්ලර මිලෙහි වෙන­සක් නොමැති බව ද එම සමා­ගම් පව­සයි.

සිමෙන්ති සමා­ගම් පවසන්නේ අමු­ද්‍රව්‍ය මිල ගණන් සැළ­කි­ල්ලට ගෙන මෙම ඉහළ නැංවීම කර ඇති බවය.

Continue Reading

පුවත්

A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන්  සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී. එහිදී අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.

එය දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 ජූනි 04 පෙ.ව.7.12 )

ශ්‍රීලන්කන් ගුවන් යනා ඇණියට අද එයාර්බස් A330-200ක් යානයක් එක් වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ ගුවන් යානය උදෑසන 8.00 සිට 9.00 අතර කාලයේ, අඩි 1,000ක පමණ උසකින් කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට ද නියමිත බව පැවසේ.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන්යානය, මෙරට ගුවන්යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

අනතුරුව ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන්තොටුපොළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගුදුර හා කෙටිදුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතු වන මෙම ගුවන්යානය පළමු වරට පැමිණීම දැක ගැනීමට ලැබීම ගුවන්යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved