පුවත්

රුපියල තවත් ශක්තිමත් වෙයි

Published

on

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් ප්‍රමාණයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වේ.

මහ බැංකුව විසින් අද (මාර්තු 02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 343.97 ක් ලෙසද විකුණුම් මිල රු. 356.73ක් ලෙස සටහන් විය.

ඊයේ දිනයේදී ඩොලරයක ගැණුම් හා විකුණුම් මිල පැවතියේ පිළිවෙලින් රු. 351.72ක් හා රු. 362.95ක් ලෙසයි.

රුපියලේ අගය යූරෝ, බ්‍රිතාන්‍ය පවුම, ඕස්ට්‍රේලියානු ඩොලරය, කැනේඩියානු ඩොලරය, ජපන් යෙන් වලට හා ඉන්දියන් රුපියලට සාපේක්ෂව ශක්තිමත් වී ඇත.

Trending

Exit mobile version