පුවත්

ලංකාවේ McDonald’s ජාලය වසා දමයි; Abans හි රුසි පෙස්ටන්ජිට වාරණ නියෝගයක්

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිසූ ආහාර නිෂ්පාදනය කරනු ලබන මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) නාමය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අබාන්ස් පීඑල්සී (Abans PLC) විසින් පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යාම ලබන 04 වැනිදා දක්වා වලක්වාලමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ රුසි පෙස්ටන්ජිට හෝ ඔහුගේ සේවකයන්ට මැක්ඩොනල්ඩ්ස් නම හෝ මැක්ඩොනල්ඩ්ස් යන නමට සමාන ඕනෑම ආකාරයකින් හෝ වෙනත් නමක් භාවිත කිරීම වලක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ නියෝගය කර ඇත.

කොටහේන, නුගේගොඩ, කිරිබත්ගොඩ, බත්තරමුල්ල, කොල්ලුපිටිය, රාජගිරිය, වැලිසර, ගල්කිස්ස, කලම්බෝ සිටි සෙන්ටර්, මැක්ලෙයාර්ඩ් පාර සහ ෂැංග්‍රි-ලා හි අවන්හල් තුළ මැක්ඩොනල්ඩ්ස් ආහාර සහ මෙනු භාණ්ඩ අලෙවි කිරීම අබාන්ස් පීඑල්සී හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණය කර තිබේ.

පිසූ ආහාර අලෙවිය සම්බන්ධයෙන් ලොව පුරා කීර්තියක් දිනාගත් සිය අවන්හල් ජාලයේ වෙළඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම වන මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළ‍ේය.

එකී අඩුපාඩුකම් අවමකර ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවි කරුවන් සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බව පැමිණිල්ල වෙනුවෙන් පනෙී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසීය.

නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමඟ ‍ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම පෙනී සිටියේය.

Trending

Exit mobile version