පුවත්

ලංකා බැංකුවට හා මහජන බැංකුවට මහ බැංකුවෙන්  මූල්‍ය දණ්ඩණ!

Published

on

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සදහා 2023 සැප්තැම්බර් 27 – දෙසැම්බර් 31 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රු. මිලියන 14 ක් වන අතර, එම දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙසේ මූල්‍ය දණ්ඩණ පනවා ඇත්තේ රාජ්‍ය බැංකු දෙකක් වන මහජන බැංකුව හා ලංකා බැංකුවට මෙන්ම හා එම් එම් බී එල් මනි ට්‍රාන්ස්ෆර් (ප්‍රයිවට්) ලිමිටඩ් මතයි.

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සදහා මූල්‍යමය දණ්ඩන පනවනු ලබන අතර, අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කල හැකිය. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කල හැකිය.

ඒ අනුව, 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය මෙසේය : 

Trending

Exit mobile version