පුවත්

ලබන තුන්මාසෙට බිත්තර මිලියන 92.1ක් ගේන්න ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

Published

on

ඉදිරි මාස 03ක් තුළ බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවර කිරිමේ අරමුණින් රජයේ වාණීජ නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවිමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශ කර ඇත.

මේ බිත්තර ආනයනය සඳහා ඩොලර් මිලියන 55 ක් පමණ වැයවනු ඇති බව වෙළඳපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

Trending

Exit mobile version