ලිට්‍රෝ කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 100කින් පමණ අඩු වීමට නියමිත බව එම සමාගම පවසයි.
එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.
“ගිය සැරේ රුපියල් 1005කින් ගෑස් මිල අඩු කළා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් රුපියල් 100කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්න. ඒ ගැන නිල නිවේදනය අපි හෙට උදෑසන නිකුත් කරනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේක කරන්න තමා අපේ බලාපොරොත්තුව. පොඩි සිලින්ඩර දෙකේ මිලත් එයට සාපේක්ෂව අඩු කරන්න බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු පවසා ඇත.