Connect with us

පුවත්

ලුණු ආනයනයට 117 දෙනෙක් සූදානම්

Published

on

ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් 117 දෙනකු අයැදුම්කර තිබේ.

ඔවුන් මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ආනයනය කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙරට දෛනික ලුණු අවශ්‍යතාව කර්මාන්ත අංශය ඇතුළුව මෙට්‍රික් ටොන් 500 ක් වේ. මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 15,000 කි.

පෞද්ගලික අංශය ආනයනය කරන ලුණු තොග පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීමක් සිදු කරන්නේය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද අයඩීනකරණය කරන ලද ලුණු තොග එරටින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා මත පදනම්ව කඩිනමින් මුදාහැරීමට කටයුතු කරමින් සිටින බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී. බී. ආනන්ද ජයලාල් පැවැසීය. මුලින්ම නිදහස් කරනු ලබන්නේ අයඩීනකරණය කරන ලද ලුණු තොග බව ද ඔහු කීවේය.

අයඩීනකරණය කරන ලද සහ නොකරන ලද ලුණු ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය පසුගියදා අවසරය ලබාදුන්නද, අයඩීනකරණය නොකරන ලුණු ආනයනයට අදාළව මෙරට සෞඛ්‍ය අංශ මෙතෙක් අනුමැතිය ලබාදී නැතැයි පැවැසේ. අයඩීනකරණය නොකරන ලද ලුණු මෙරටට ආනයනය කර ඒවා අයඩීනකරණය කිරීමේ පහසුකම් ඔවුන්ට ඇත්දැයි සොයා බැලීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වසරේ මෙට්‍රික් ටොන් ලක්ෂයක ලුණු අස්වැන්නක් ලංකා ලුණු සමාගම අපේක්ෂා කළද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබාගත හැකි අස්වැන්න මෙට්‍රික් ටොන් 60,000 ක් බවට පුරෝකථනය කර ඇත. ඒ හේතුවෙන් ලබන ජුනි මස 10 වැනිදා දක්වා කාලය තුළදී ලුණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාව සලසා ඇත.

ජාතික ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ද, ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් ද ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved