මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට ආනයනය කර තිබේ.
මෙම ප්‍රමාණය ආනයනය සිදුව ඇත්තේ, මැයි 22 වැනිදා සිට පසුගිය ජූනි 7 වැනිදා දක්වා කාලය තුළය.
රේගුව සඳහන් කරන්නේ මෙම ආනයනයන් වෙනුවෙන් රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය වී ඇති බවය.
ඉන්, රුපියල් මිලියන 720ක්ම ගෙවා ඇත්තේ, බදු ලෙසය.
පවතින හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට නියමිත ලුණු ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 30000 කි.