පුවත්

වාණිජ බැංකු පොලී වැඩිකළ බව කියා SMS කරයි!

Published

on

රජයට අයත් වාණිජ බැංකු මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ.

ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට රාජ්‍ය බැංකු කිහිපයක් ඊයේ (20) පියවර ගෙන තිබුණි.

පාරිභෝගිකයන්ගේ ණය පහසුකම් සඳහා වන පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇතැයි ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව කෙටි පණිවිඩයක් මගින් ඊයේ (20) පාරිභෝගිකයන්ට දන්වා තිබූ අතර ඒ දෙසැම්බර් මස 20 වැනිදා සිට අදාළ පොලී වැඩිවීම සිදුවන බව පවසමිනි.

මේ පිළිබඳව අප කළ විමසා බැලීමේදී අනාවරණය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද මෙම පොලී වැඩිවීම අදාළ බවයි.

ඒ අනුව වසර දෙකකට අඩු ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාත 3% කින් ඉහළ දමා තිබේ.

ඊට වැඩි කාලයක් පැරණි ණය පහසුකම් සඳහා පොලී අනුපාත 15% ක් වනු ඇති.

Trending

Exit mobile version