Connect with us

පුවත්

වාහන ආනයනය ගැන කඩිනම් තීරණයක් ගන්නවා – මහින්දානන්ද

Published

on

වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ අයවැයෙන් අපේක්ෂාකරන ආදායම ලගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මේ බව පැවසුවේ රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදියහැකි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල් බිලියන 1226ක් බලාපෙරොත්තු වන බවත් මෙම මාස 5 තුළ තවමත් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 330 පමණක් බවත්ය. මේ නිසා මෙම අයවැයෙන් බලාපොරොත්තු වන ආදායමට ලගාවීමේ ගැටලුවක් පවතින බවයි. 

මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ලගා විය නොහැකි බවයි. මේ තත්ත්වය යටතේ මෙම වසර තුළ ලබාගතහැකි ආදායම ලෙස ඔවුන් පුරෝකථනය කරනනේ රුපියල් බිලියන 783 ක් බවයි. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයද දැනුවත් කොට ඇති බව එම නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. 

එසේම රේගුවෙට ලැබෙන ආදායමෙන් 20% ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවන බදු නිසාවෙන් බවත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඇති සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ලගාවිය නොහැකි බවත් ඔවුහු දත්ත සහිතව පෙන්වා දුන්හ.  එසේම 2014 වර්ෂයේ සිට 2022 කාලසීමාව ආශ්‍රිතව වැඩිම බදු ආදායම් ලබාගෙන ඇත්තේ 2018 වර්ෂයේදී බවත් එම බදු මුදල රුපියල් බිලියන 923ක් බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව මෙම ආදායමෙන් රුපියල් බිලියන 194ක් ලැබී ඇත්තේ වාහන ආනයනයේදී පනවා ඇති බදු වලින් බවද මෙහිදී සඳහන් විය. මේ නිසා වසර 3 පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමාවී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මේ මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 6 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනයේදී බදු ලෙස ලබාගත හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.  

මේ නිසා ණය අදාර ක්‍රමයක් යටතේ (Credit line) වෙනත් රටක් සමග සම්බන්ධවී වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳවත් එය මෙරට පවතින විදේශ මුදල් විදෙස්ගත නොවී රේගු ආදායම වැඩි කරගැනීමට හොදම ක්‍රමය බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම රේගුවේ යෝජනා ඉටු වුවහොත් රුපියල් බිලියන 1100 පමණ ආදායමකට ලගාවිය හැකි බවද මෙහිදී නිලධාරීන් සඳහන් කළේය.

මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

එසේම මැණික් සහ රත්‍රන් ආනයනයේදී සහ අපනයනයේදී ලබාගන්නා බදු මුදල් පිළිබඳවද මෙහිදී වධානය යොමු විය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ 2012 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොපමණ මැණික් ප්‍රමාණයක් උවද රේගුවෙන් නිදහස් කර ගැනීමට අයකළ හැක්කේ ඩොලර් 200 ක් පමණක් බවයි. මේ නිසා 2012 වර්ෂයට පෙර පැවති තක්සේරු මුදල මත බදු අයකරගැනීමේ ක්‍රමය යලි ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීහු ඉල්ලා සිටියහ.

තවද රේගුව විසින් පනවන නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම පිළිබඳ අවධානය යොමු වූ අතර කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සමග හැකි ඉක්මනින් සාකච්ඡා කොට මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවයි. මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ බහාලුම් 1200 ක් පමණ වසර කිහිපයක සිට රඳවා ඇති බවද සඳහන් විය.

එසේම බහාලුම් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ ආනයනික භාණ්ඩ වලින් 60% පමණ පිටතට ගෙනයන්නේ ග්‍රීන් ඒරියා කොටසෙන් බවයි. මෙහිදී මේවා පරීක්ෂාවීමක් සිදු නොවන බවත් සීනි, පොහොර, හාල් වැනි දේ මෙසේ ගෙන්වන බවත් සඳහන් විය. නමුත් මෙහිදී මෙම භාණ්ඩ අතර සඟවමින් සිගරට්, මත් පැන් වැනිදේ ගෙන්වීම සිදු වන බවද නිලධාරීන් පෙන්වා දුන්නේය.

ගුවන්තොටුපොළ සේවයේ නියුතු රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදු වන බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂාකර බලා රේගු නිලධාරීන් පරීක්ෂාකිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට රේගුව කටයුතු කරන බව නිලධාරීන් පැවසීය.

තවද රේගුවේ ආදායම වැඩිකරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර සම්බන්ධතාව වැඩි කිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මේහිදී රේගු නිලධාරීන් පෙන්වා දුන්නේය.

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved