Connect with us

ව්‍යාපාර

විදුලි ත්‍රිරෝද රථ සඳහා බැටරි මාරු කිරීමේ ක්‍රමවේදයක්

Published

on

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට “Lanka e-Mobility Solutions” (Private) Limited (LeMS) පියවර ගෙන තිබේ.

‘e-wheel’ ලෙස නම්කර ඇති, බැටරි මාරු කිරීමේ තාක්ෂණයක් වන මෙය භාවිතා කිරීමට මෙරට ත්‍රිරෝද රථ හිමියන්ට ළඟදීම අවස්ථාව ලැබෙනු ඇත. 

මේ අනුව මින් ඉදිරියට ත්‍රිරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ, ඒවායෙහි ආයු කාලය අවසන් වීමේ ගැටලු‍වට මුහුණ දීමට සිදු නොවේ. බැටරි මාරු කිරීමේ තාක්ෂණය යටතේ අලු‍ත් බැටරියක් යෙදීම සඳහා ගතවනුයේ විනාඩි 2 ක් වැනි සුළු කාලයක් පමණි. සාමාන්‍යයෙන් විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරියයි. මෙම නව ක්‍රමවේදය යටතේ බැටරිවල මෙන්ම බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල හිමිකාරීත්වය ඛැඵී සමාගම සතු වන නිසා, සාමාන්‍ය ත්‍රිරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමේදී ත්‍රිරෝද රථ හිමියන් බැටරි සඳහා මුදල් ගෙවිය යුතු නොවේ. ඔවුන් මුදල් ගෙවිය යුතු වන්නේ ත්‍රිරෝද රථය ධාවනය කරවීම සඳහා අවශ්‍ය වන බලශක්තිය සඳහා පමණි. 

මෙය ශ්‍රී ලංකාව තුළ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කාබන් විමෝචනය අවම කරමින් වායු දූෂණය පිටුදැකීමේ බරපතළ අවශ්‍යතාව හඳුනාගෙන මෙම නව විසඳුම හඳුන්වා දීමට LeMS නිර්මාතෘවරුන් පියවර ගෙන තිබේ. 

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2 ක් පමණ තිබෙනවා. ඒවා දිනකට පෙට්‍රල් ලීටර මිලියන 5.5 ක් තරම් විශාල ප්‍රමාණයක් දහනය කරනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට ‘e-wheel’ සංකල්පය අතිශයින් වැදගත් වේවි. තම පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නන් වන මෙම ත්‍රිරෝද රථ හිමියන්ට, රු. 450,000/- ක් වැනි මුදලක් ආයෝජනය කිරීම මගින් මසකට රු. 20,000/- කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට පුළුවන්. මින් ඔවුන්ටත් රටටත් වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන, ලිහිසි තෙල් සහ අමතර කොටස් ආනයනය සඳහා වැය වන විශාල මුදලක් මෙමගින් ඉතිරි කරගැනීමට පුළුවන්.” LeMS කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා පැවසී ය. 

2020 වසරේදී සංකල්පීය මට්ටමින් ආරම්භ වූ ඛැඵී සමාගම පසුගිය වසර දෙකක කාලය තුළ Island Climate Initiative (ICI) හි සහයෝගය සමගින් වැඩිදියුණු කරන ලදී. ICI මෙරට තුළ චක්‍රීය ආර්ථිකය, සුහුරු කෘෂිකර්මාන්තය සහ පිරිසිදු බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන පහසුකම් සපයන අතර, නවීනතම විදුලි තාක්ෂණය සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට කැපවී සිටී.

“මෙහිදී අප කරන්නේ පෙට්‍රල් ත්‍රිරෝද රථවල එන්ජිම ඉවත් කර අලු‍ත්ම විදුලි මෝටරයක් යෙදීමයි. පැය දෙකක කාලයක් ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පුළුවන්. ඉන් අනතුරුව එම රථවලට අපගේ බැටරි මාරු කිරීමේ සේවාව භාවිතා කළ හැකියි. බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථාන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටුවා තිබෙනවා, ඉදිරියේදී ඒවා ගාල්ල සහ මහනුවර ප්‍රදේශවලත් ස්ථාපිත කිරීමට නියමිතයි. විදුලියට හැරවූ පසු මෙම රථවල තෙල් මාරු කිරීම හෝ ඒවා සර්විස් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඒක-පුද්ගල ත්‍රිරෝද රථ භාවිතය, ත්‍රිරෝද රථ උපන් ඉන්දියාවටත් වඩා ඉහළයි. මෙරට ඇති ත්‍රිරෝද රථ හැකිතාක් විදුලි බලයට පරිවර්තනය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා.” LeMS සමාගමේ සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ශිරේන්ද්‍ර ලෝරන්ස් මහතා පැවසීය. 

“මේ පෙරළිකාරී හා පුරෝගාමී e-Wheel විප්ලවයේ එකම මූල්‍ය හා ලීසිං සහකරු බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය හුදෙක් තාක්ෂණයේ ඉදිරි පියවරක් පමණක් නොව, අපගේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්මවලට සමගාමී වන පියවරක්ද වනවා. එමෙන්ම එය අපගේ තිරසාරත්ව සැලසුම්වල අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙසත් හැඳින්විය හැකියි.” Peoples Leasing & Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සිලීන් මහතා පැවසීය. 

“Lanka e-Mobility Solutions” (LeMS) සමාගමට ‘e-wheel’ බැටරි හුවමාරු තාක්ෂණය හඳුන්වා දීමට අත්වැලක් වීම මගින්, මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ක්ෂේත්‍රයක් බවට පත්කිරීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය කාබන් විමෝචනය අවම කිරීම සහ වායු දූෂණය පිටුදැකීම අරමුණු කරගත් අපගේ පුළුල් තිරසාර වැඩසටහන්වල වැදගත් අංගයක්. 

‘e-wheel’ ක්‍රමවේදය යනු සහනදායී ගාස්තු යටතේ ලබාගත හැකි විසඳුමක් නිසා, ත්‍රිරෝද රථ හිමියන් බොහෝ දෙනෙකු මෙය භාවිතා කිරීමට පෙළඹෙනු ඇති බවට සැකයක් නැහැ.” ශමීන්ද්‍ර මර්සිලීන් මහතා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved