පුවත්

වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක්

Published

on

රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

”අපේ රටේ ලිට්‍රෝ සහ ලාෆ්ස් කියන ගෑස් සමාගම් දෙකක් තියෙනවා. දැනට ලිට්‍රෝ ගෑස් හිඟයක් නැහැ. ලාෆ් ගෑස් වෙළඳපොළේ පවතින හිඟයට එම සමාගම හේතු පැහැදිලි කළ යුතුයි. ලාෆ් ගෑස්, ගෑස් ආනයනය කිරීමට සහ සැපයීමට මැදිහත් වීමට අපොහොසත් වුවහොත් රජය තීරණයක් ගතයුතුයි. ලිට්‍රෝ ගෑස් තොග ඕනෑ තරම් තිබෙනවා. ගෑස් පාරිභෝගිකයන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ගෑස් සිලින්ඩර් වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳව රජයට කඩිනමින් තීරණයක් ගැනීමට සිදුවනවා” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණි.

“මූලික පිරව්ම් පර්යන්තය තියෙන ස්ථානය වන මාබිම අවට ප්‍රදේශය ගංවතුරට යටවීමෙන් බෙදාහරීම් අක්‍රිය වුණා. ඒ සමගම හම්බන්තොට පර්යන්තයට ගෑස් ගෙනඑන නැවක ප්‍රමාදයක් වුණා. මේ නිසා පසුගිය කාලයේ ගෑස් දෙන්න නොහැකි වුණා. දැනටත් ඒ නැවෙන් ගෑස් ගොඩබෑම සිදුවෙනවා. අපි ඊයේ සිට ක්‍රියාත්මක වෙලා. පසුගිය පැය 24 තුළ බෙදාහැරීම් කටයුතු සිදුකළා.”

Trending

Exit mobile version