Connect with us

ව්‍යාපාර

ශ්‍රීලංකන් ගුවන්යානා වලට පරිසර හිතකාමී බුමුතුරුණු

Published

on

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ “Lantal Textiles” ආයතනය විසින් නිපදවනු ලබන මෙම හරිත බුමුතුරුණු, ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුලින් සිදුවන පාරසරික බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ.

“ශ්‍රීලංකන් ගුවන් යානා තුළ පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet)  භාවිතයට එක් කිරීම, වඩාත් පරිසර හිතකාමී ගුවන් සේවයක් බවට පත් කිරීමේ අපගේ දිගුකාලීන සැලැස්ම සාක්ෂාත් කර ගැනීමට තවත් එක් පියවරක් ඉදිරියට තැබීමකි. වර්තමානයේදී ලොව පුරා ක්‍රියාත්මක පරිසර හිතකාමී ව්‍යාපාර හා සංචාරක වැඩසටහන්  සැලසුම් කිරීමේ ප්‍රවණතාවයන්ට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයද මෙවැනි  පරිසර හිතකාමී නව අංගයන්  ඉදිරියේදීත් හඳුන්වාදීමට අපේක්ෂාවෙන් සිටිනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් පැවසී ය.

හරිත බුමුතුරුණු (Green Carpet)  සැහැල්ලු බරින් යුක්ත වන අතර භාවිතයෙන් ඉවතලන ධීවර දැල්, ප්ලාස්ටික් සහ රෙදි කැබැලි වැනි දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සකසන ලද විශේෂිත නයිලෝන් වර්ගයකින් නිපදවා ඇත . මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනෙකුත් නයිලෝන් වර්ග  නිෂ්පාදනයට වඩා ඉන්ධන හා ජලය අවමව භාවිතා වීම ද සුවිශේෂීය.

මෙවැනි සැහැල්ලු බුමුතුරුණු භාවිතය තුලින් ගුවන් යානා පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය  අඩු වන අතර එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 21 ක පමණ ඉතිරියක් ලබාගත හැකිය. මේහා සමගාමීව වාර්ෂිකව පාරසරික බලපෑම ද ටොන් 248.79 කින් පමණ අඩුවනු ඇතැයි පුරෝකතනය කර ඇත.

පරිසරය මත ඇති කෙරෙන බලපෑම අවම කිරීම සඳහා වන මෙම මුලපිරීම ගුවන් සමාගමේ පරිසර හිතකාමී උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මෙහි තවත් එක් අංගයකි. 2009 වර්ෂයේ දී ‘Planet Friendly Flights’ හඳුන්වා දුන් ආසියාවේ ප්‍රථම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වූ අතර 2016 දී Business Traveller ආයතනය විසින් ආසියා පැසිෆික් කලාපයේ දෙවන අඩුම කාබන් විමෝචනය කරන ගුවන් සේවය ලෙස නම් කරන ලදී. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කල  ‘මතක’ ව්‍යාපෘතිය 2022 දෙසැම්බරයේ පැවති ‘Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) Global Aviation’ සම්මාන උළෙලේදී හොඳම ගුවන් සේවා පරිසර හිතකාමී වැඩසටහන සම්මානය දිනා ගැනීමට ද සමත් විය.

ව්‍යාපාර

ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්වේ (UPDATE)

Published

on

By

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතී.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.10.31 )

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.

Continue Reading

ව්‍යාපාර

කළු කඩ සහල් වෙළඳුන් සොයා වැටලීම්

Published

on

By

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් පනවා ඇති බැවින් අදාළ මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීම නීතියෙන් තහනම් වන බවය.

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම් දියත් කරන බව පැවසූ එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සම්බන්ධව පාරිභෝගිකයින්ටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවය.

ඒ අනුව කාර්යාල වේලාවන් තුළදී 1977 අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ හැකි බවද එම අධිකාරිය පවසයි.

සහල් අලෙවි කිරීමේදි සුදු සහ රතු දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ක් ලෙසත් සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක් ලෙසත් පාලන මිල පනවා තිබේ.

එමෙන්ම සුදු සහ රතු සම්බා කැකුළු සහ වාෂ්පයෙන් තැම්බූ, තම්බන ලද දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240ක් ලෙසත් කීරි සම්බා කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 260ක් ලෙසත් පාලන මිල පනවා ඇත.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved