Connect with us

ව්‍යාපාර

ශ්‍රීලංකන් වෙතින් දිනකට කොළඹ – මුම්බායි ගුවන් ගමන් වාර ද්විත්වයක්

Published

on

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී  තිබේ. මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය 17:10 ට UL143 අංක දරන ගුවන් යානා කොළඹ සිට මුම්බායි දක්වා ද UL142 සහ UL144 අංක දරන ගුවන් යානා මුම්බායි සිට කොළඹ දක්වා ද පිළිවෙලින් පැය 03:10 ට සහ පැය 20:45 ට ක්‍රියාත්මක වේ.

මෙම නව පියවර මගින්, කොළඹ සහ මුම්බායි අතර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාවේ 50% ක වැඩිවීමක් සිදුවනු අතර  මුම්බායි සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් හරහා කොළඹ සිට සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බැංකොක්, ලන්ඩන්, ෆ්රැන්ක්ෆර්ට්, පැරිස්, මෙල්බර්න් සහ සිඩ්නි ඇතුළු ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ ගමනාන්ත වෙත පහසුවෙන්  ලඟාවීමට අවස්ථාව හිමි වේ.

“ඉන්දියාවේ සංචාරක වෙළෙඳපොළ ආරම්භයේ සිටම ශ්‍රීලංකන් ගුවන් සේවයට ඉතා වැදගත් වූ අතර, ඉන්දියාව ලෝකයේ විශාලතම සංචාරක සේවා වෙළඳපොළක් ලෙස මතුවෙමින් පවතින මෙවන් මොහොතක, මුම්බායි සහ කොළඹ අතර අපගේ ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සඳහා නොමිලේ වීසා ලබා දීම ක්‍රියාත්මක වීම සහ අපගේ ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව වෙත පැමිණීමට සංචාරකයින් දිරිමත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඉන්දියාවේ දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, මදුරෙයි සහ ත්‍රිවේන්ද්‍රම් යන නගර වෙතද ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මේ ආකාරයට ඉන්දියාව වෙත සතියකට ගුවන් ගමන් වාර 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, එරට තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවාවක් ලෙස සැලකේ.

මෑතකදී ඉන්දියාවේ බැංගලෝර් හි පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) ඇගයීමට ලක් වූ අතර එහිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම  ජාත්‍යන්තර ගුවන් සේවය හා ‘ප්‍රමුඛතම ගුවන් සේවා පන්තිය – ව්‍යාපාරික පන්තිය’(Leading Airline Class – Business Class) ඇගයුම හිමිකර ගැනීමටද ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබිණි. වැඩිදුර තොරතුරු සඳහා සහ ගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved