ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද (31) සිදුකරන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද (31) සිට දින 45ක කාලයක් මෙම ටෙන්ඩර් ලබාදීම සඳහා කාලය වෙන් කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
එසේ ටෙන්ඩර් ඉදිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(අරුණ)