පුවත්

ශ්‍රීලන්කන් – ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුමක්

Published

on

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අද දිනයේදී (ඔක්. 04) ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කර තිබේ.

විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු, අධ්‍යාපන සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල දෙපාර්ශවය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

මෙම උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

(ඡායා : ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

Trending

Exit mobile version