Connect with us

ව්‍යාපාර

ශ්‍රීලන්කන් – වර්ජින් ඕස්ට්‍රේලියා හවුලක්

Published

on

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, වර්ජින් ඕස්ට්‍රේලියා සමඟ පළමුවරට හවුල්කාරිත්වයකට එළැඹ ඇත.

මෙම නව හවුල්කාරිත්වයත් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල නිරත වන මගීන් හට එක ප්‍රවේශපත්‍රයක් ඔස්සේ ඕස්ට්‍රේලියාව තුළ හෝ ජාත්‍යන්තර ගමන් සබඳතා Virgin Australia ඔස්සේ සිය ගුවන්ගමනට එක්කර ගැනීමට හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

ලොව විශාලතම ලාංකික ප්‍රජාවක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර වසර පුරාවටම ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අතිශය ජනප්‍රිය වී ඇත.

තවද නව හවුල්කාරිත්වය සමඟ සිය පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිලාභ අත්කර දෙමින් ඕස්ට්‍රේලියානු වෙළඳපොල තුළ ව්‍යාප්ත විය හැකි වන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත අලෙවි සහ බෙදාහැරීම් ප්‍රධානී  දිමුතු තෙන්නකෝන් මහතා පවසයි.

මේ වන විට දිනපතා කොළඹ සිට මෙල්බර්න් දක්වාත්  සතියකට කොළඹ සිට සිඩ්නි වෙත ගුවන්ගමන් වාර 3ක්  ශ්‍රී ලන්කන් ගුවන් ගමන් සිදුවේ.

නව හවුල්කාරිත්වය හේතුවෙන් මෙල්බර්න් හෝ සිඩ්නි වෙත පියාසර කරන ශ්‍රීලන්කන් මගීන්ට ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, කේන්ස්, ඩාවින්, හෝබාර්ට්, හැමිල්ටන් අයිලන්ඩ්, ලෝන්සෙස්ටන්, ගෝල්ඩ් කෝස්ට් සහ පර්ත් යන ඕස්ට්‍රේලියානු නගර වෙත වර්ජින් ඕස්ට්‍රේලියා ඔස්සේ ගමන් කළ හැකි වේ.

 ඉන් අමතරව, ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බට ගමන් කරමින් නවසීලන්තය, සැමෝවා සහ ෆීජි වෙතද පියාසර කිරීමට ඔවුන්ට හැකිවේ. තනි ගුවන් ප්‍රවේශ පත්‍රයකින්, ට්‍රාන්සිට් ගමනාන්ත වලදී ගමන් මලු හැසිරවීමකින් හෝ යළිත් චෙකින් වීමකින් තොරව සිය අවසන් ගමනාන්තයට ළඟාවීමට මේ අනුව ශ්‍රීලන්කන් මගීන්ට හැකි වනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved