පුවත්

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කැබිනට් තීන්දුවක්

Published

on

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක මගින් තෝරා ගනු ලබන ආයෝජකයන්ට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හා ආයතනයේ කළමනාකරණය භාර දීම මගින් ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම හා එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

Trending

Exit mobile version