පුවත්

සතොස ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය 

Published

on

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සතොස ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්, එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් ලබා නොලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන මෙම ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කැබිනට් තීරණ දැනුම් දෙන පත්‍රිකාවේ දැක්වේ.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Trending

Exit mobile version