Connect with us

ව්‍යාපාර

සතොස භාණ්ඩ 4ක මිල බස්සයි

Published

on

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් හෙට (01) සිට තවදුරටත් පහත දමා තිබේ.

ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.

ව්‍යාපාර

යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම් සඳහා යුරෝ මිලියන 700 ක දඩයක්

Published

on

By

යුරෝපා සංගමය විසින් ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.

ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් (€500million = $570 million) සහ මෙටා සමාගමට ඩොලර් 228ක් ( €200 million = $228 million)) වශයෙනි.

ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවය.

Continue Reading

ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානයට යොමුවෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading

ව්‍යාපාර

උද්ධමනයේ වෙනසක්

Published

on

By

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -3.9% ක් ලෙසිනි.

මාර්තු මාසයේ දී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -6.0% සිට -4.1% ක් දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved