පුවත්

සහල් – ලොකු ලූණු බද්ද අඩු කරයි

Published

on

ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ සිට අප්‍රේල් මස 03දා තෙක් රුපියලක් දක්වා ද, ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් 30දා  තෙක් රුපියල් 10ක් දක්වා ද, අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Trending

Exit mobile version