පුවත්

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

Published

on

චීනයේ සිනොපෙක් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග් පෞද්ගලික සමාගමේ උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් සමග ඊයේ (27) දින විදුලි හා බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

මේ පිළිබඳව X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු බවයි. 

මුලින් ඉදිරිපත් කළ යෝජනාවට වඩා මෙම පිරිපහදුවේ ධාරිතාවය හා ආයෝජනය දෙගුණයකින් වැඩි කිරීමට සිනොපෙක් කළමනාකාරිත්වය තීරණය කර ඇතැයි එම නියෝජිත පිරිස පැවසූ බවත්, අදාල ගිවිසුම් අත්සන් කර මේ වසරේ ජුනි මාසය වන විට මෙහි කටයුතු ආරම්භ කිරීමට ඔවුන් අදහස් කර සිටින බවත් කංචන අමාත්‍යවරයාගේ X පණිවිඩයේ දැක්වේ.

මෙම ව්‍යාපෘතියට අදාලව ජල හා විදුලි සැපයුම්, ඉඩම් ලබාදීම සහ ආයෝජන මණ්ඩල පහසුකම් පිළිබඳව අද දිනයේද අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version