පුවත්

සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගමෙන් නිවේදනයක්

Published

on

සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම මෙරට සිදුකිරීමට නියමිත මෙහෙයුම් සම්බන්ධයෙන් පසුගියදා නගා තිබුණු චෝදනා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සමග සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර ඇත.

මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බව ද එම නිවේදනයේ දැක්වේ.

සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත්, සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති පුද්ගලයින් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා අවශ්‍ය විනය හා නීතිමය පියවර ගන්නා ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක්ද සිදුකළ බවයි.

Trending

Exit mobile version