Connect with us

ව්‍යාපාර

සිමෙන්ති මිල අඩු වෙයි ද?

Published

on

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට මුහුණ දෙන ලදී.

කෙසේවෙතත් මේ වන විට ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින් පසුබිම තුළ නැවත එම ක්ෂේත්‍රයේ නැගීමක් තිබෙන අතර සිමෙන්ති මිල තවදුරටත් පහත වැටීම ඉදිකිරීම් කර්මාන්තයට පිටුවහලක් වනු ඇති.

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

ලංකාවේ බුලත් පාකිස්තානයට යැවීම නවතී

Published

on

By

ඉන්දීය පාකිස්තාන ගැටුමත් සමග පාකිස්තානයට මෙරට බුලත් අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට බුලත් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවට එම ගොවීහු මැසිවිලි නගති.

මෙම ගැටලුව විසඳෙන දිනයක් නිශ්චිතවම නොමැති වීම හේතුවෙන් ගොවීන්ට යළි වගාවන්වලට ප්‍රවේශවීමට නොහැකිව බලාසිටීමට සිදුව ඇතැයිද ඔවුහු පවසති.

මේ පිළිබඳව අදහස් දක්වමින් බුලත් ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්. එල්. සරත් චන්ද්‍රසිරි පැවසුවේ පාකිස්තානයට බුලත් කොළ දහසක් අපනයනය කරනු ලබන්නේ රුපියල් විසිපන්දහසකට වැනි මුදලකට බවය.

කෙසේ වෙතත් ඉන්දීය පාකිස්තාන ගැටුම අවසන් වන තෙක් බලා සිටීමට නොහැකි බැවින් බුලත් සඳහා එංගලන්තය, ජර්මනිය ආදී යුරෝපීය රටවල් ගණනාවක මෙන්ම මාලදිවයින, මැලේසියාව ආදී රටවලට විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති මොහොතක එම රටවලට බුලත් අපනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලීමක්ද කරයි.

“අපි ණය ඉල්ලන්නෙ නැහැ. වෙනත් සහනාධාර ඉල්ලන්නෙත් නැහැ. අපි සබඳතා ගොඩනගලා ඇතිකරගන්න වෙළෙඳ අවබෝධතා අනුව බුලත් අපනයනය කරන්න අවශ්‍ය යටිතල පහසුකම් සපයලා දෙන්න කියලා විතරයි ඉල්ලන්නෙ. ඒක කරල දුන්නම අපි රටට අපේ ශක්ති ප්‍රමාණයෙන් ඩොලර් ගෙන එන බව අපි රජයට කියනවා. අපිට අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. රජයකට පමණක් කරන්න පුළුවන් කොටසක් තියනවානෙ අන්න ඒ ටික පමණයි අපි ඉල්ලන්නෙ. බුලත් රෝග, වෛරස් ගැටලු කළමනාකරණය කර ගන්න දැනට අපේ ගොවීන්ට පුළුවන්. ගොවීන් කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නෙ අමුඩය ගසාගන ඉන්න කෙනෙක් කියලා. ගොවිතැන වේලාවෙ ඒක එහෙම වුණත් එදිනෙදා ජීවිතයේ ඒ හැම කෙනෙක්ම කාටත් අතනොපා ලස්සනට ජීවත්වෙනවා. තොරතුරු තාක්‍ෂණය උපයෝගී කරගන විදෙස් රටවල සබඳතා අනුව වෙළෙඳපොළත් සොයාගන්නවා. රජයෙන් ඉල්ලන පොඩි දේ නොවුණොත් මේ තියන එකම පාකිස්තාන වෙළෙඳපොළ අහිමිවුවහොත් බුලත් වගාව ඉවරටම ඉවරයි.

මේ කර්මාන්තය එන්න එන්න දියුණු වෙමින් බුලත් ගොවීන් කාටත් අත නොපා ස්වයංව නැගිටිමින් මෙරටට ඩොලර් ගේන කාර්යාවලියට සක්‍රීය දායකත්වය දෙමින් ඉන්න අවස්ථාවෙ තමයි මේ යුද ගැටුම් නිර්මාණය වුණේ. අපේ බුලත්වලට තිබුණ හොඳම වෙළෙඳපොළ වෙලා තිබුණෙ පාකිස්තානය. එරට බොහෝ පිරිසක් බුලත් කනවා. එරට අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණයි අපි බුලත් යවන්නෙ. ඉතිරි අවශ්‍යතාව ඉන්දියාවෙන් වගේම දැන් දැන් පාකිස්තානයේ බුලත් වවන්නත් පටන් අරගන. ඒත් භූගෝලීය සාධක හේතුවෙන් වෙන්න ඇති අපේ රටේ බුලත්වලටට තියන ඉල්ලුම හරිම ඉහළයි. බුලත් තියාගන්න බැහැ දින දෙකකට වඩා. ඒ නිසා තමයි ගුවණින් අපි බුලත් යවන්නෙ. අපේ රටේ අවශ්‍යතාවට වඩා බුලත් ප්‍රමාණයක් මේ රටේ දැන් පවත්නා නිසා තමයි මේ බුලත් ඉතාම අඩු මුදලට විකිණෙන්නේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

රටපුරා ලුණු හිඟයක්?

Published

on

By

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved