පුවත්

සුරාබදු තවත් වැඩිවෙයි; ගල් හා පොල් තවත් ඉහලට

Published

on

සුරාබදු තවත් වැඩිවෙයි; ගල් හා පොල් තවත් ඉහලට ‍සුරාබදු ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජනවාරි 01දා සිට මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම සුරාබදු ඉහළ නැංවීමත් සමඟ විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC)පවසයි.

Trending

Exit mobile version