Connect with us

ව්‍යාපාර

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

Published

on

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ.

ඔහු ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගෙන ඇත.
සාලී මහතා වර්තමානයේ දී ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති සාලී මහතා ANZGrindlays බැංකුවේ ආයතනික සහ වෙළඳ බැංකු ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ. මීට අමතරව NDB  බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසත්, NDB Housing Bank හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත්, අමානා බැංකුවේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සහ Cargills බැංකුවේ සහ HNB General Insurance හි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

ව්‍යාපාර

උද්ධමනයේ වෙනසක්

Published

on

By

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -3.9% ක් ලෙසිනි.

මාර්තු මාසයේ දී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -6.0% සිට -4.1% ක් දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading

විදෙස්

ඇමෙරිකාවේ Shein – Temu භාණ්ඩ මිල ඉහළට

Published

on

By

ලබන සතියේ සිට සිය භාණ්ඩ මිල ගණන් වැඩි වන බවට ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන Shein සහ Temu විසින් ඇමෙරිකානු පාරිභෝගිකයන් හට අනතුරු අඟවා ඇත.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබුණි.

නිවේදන නිකුත් කරමින් මෙම සමාගම් පවසා ඇත්තේ ගෝලීය වෙළඳ නීති හා තීරු බදු වල පසුගියදා ඇති වූ වෙනස්කම් හේතුවෙන් අප්‍රේල් 25දා සිට සිය භාණ්ඩ වල මිල සංශෝධන ඇතිවනු ඇති බවයි.

අතිශය අඩු මිල ගණන් හේතුවෙන් Shein සහ Temu හි භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද විශාල පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරයි.

Continue Reading

ව්‍යාපාර

ගිනි ගණන් ගිය රත්තරන්

Published

on

By

මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබේ.

ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළෙඳ යුද්ධය ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර ගෝලීය රන් මිල ඉහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස අද වන විට ඉහළ ගොස් තිබේ.

ඊයේ (16) දිනයේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙසින් සටහන්ව තිබුණි.

එය අද (17) උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved