Connect with us

පුවත්

සෙස් බද්දෙන් මිල වැඩිවෙන බඩු

Published

on

සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ.

ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යන බවය.

එහිදී ආනයනික සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි සහ පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.

ඒ අනුව සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

මෙහිදී ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්, අර්තාපල් කිලෝවක් රුපියල් 220ක්, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300ක්, බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550ක් සහ චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින්ද සෙස් බදු ඉහළ යනු ඇති.

මීට අමතරව ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 60කින්ද, කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් 370කින්ද ඉහළ දමා ඇත.

මීට අමතරව ආනයනික රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාත්, පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වාත්, බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට 25%ක් දක්වාත් ඉහළ යනු ඇති.

මෙහිදී අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයකින්ද ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද වශයෙන් බදු අය කරන ලෙස රේගුවට දන්වා ඇත.

(අදදෙරණ)

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved