Connect with us

පුවත්

හම්බන්තොටටත් පොල් ත්‍රිකෝණයක්

Published

on

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න, වීරකැටිය හා වලස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ අනුව ගොවීන්ට ගෙවතුවල රෝපණය සඳහා එක් නිවසකට පැල 05ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙරට දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනිකව නිෂ්පාදනය වන්නේ පොල් ගෙඩි මිලියන 03ක් පමණි.

මේ නිසා ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී ඇති ව වාර්තා වේ.

මේ අතර, පසුගිය අගෝස්තු මාසයේදී මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබුණේ සැප්තැම්බර් 02දාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී උතුරු පළාතේ ආරම්භ කරන බවයි.
සබැඳි පුවත් :

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරට

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved