පුවත්

හයිලන්ඩ් මුලාව!

Published

on

රාජ්‍ය ව්‍යාපාරයක් වන මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින “හයිලන්ඩ්” යෝගට් ලාභ ඉපයීම සඳහා එහි ශුද්ධ බරෙන් ග්‍රෑම් 10ක් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් මේ සඳහා ජනතාව නොමඟ යවමින් පාරිභෝගික නීතියෙන් රිංගා ඇති බව පාරිභෝගික ජනතාවගේ අදහස වී ඇත.

මීට ඉහත දී හයිලන්ඩ් යෝගට් කෝප්පයකට අඩංගු යෝගට්වල බර සටහන් වූයේ ග්‍රෑම් 90ක් ලෙසිනි. 

මේ වනවිට යෝගට් කෝප්පයේ ප්‍රමාණය කුඩා නොකර එහි  පතුල වඩාත් උස්ව සිටින සේ සකසා ග්‍රෑම් 10ක් අඩුකර ඇත. 

ඒ අනුව දැන් හයිලන්ඩ් යෝගට් කෝප්පයක අඩංගු වන්නේ යෝගට් ග්‍රෑම් 80ක් පමණි.

කෙසේවුවද, මෙසේ ග්‍රෑම් 10ක් අඩු කිරීමෙන් රුපියල් යෝගට් කෝප්පයකින් 11.50 ක පමණ ඉතිරියක් එම ආයතනයට ලැබෙන බව පාරිභෝගිකයෝ කියති.

Trending

Exit mobile version