ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතිබවත්, මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ඔහු මීට කලින් පවසා තිබුණි.
——————————————–
(පෙර පුවත : 2023 අගෝස්තු 03 පෙ.ව. 11:41)
හෙට ගෑස් මිල සංශෝධනයක්
ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනයක් හෙට (04) ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.