රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව Azur Air ගුවන් සේවය හෙට (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරනු ඇත.
ප්‍රංශයේ ජාතික ගුවන් සේවයේ Air France ගුවන් මෙහෙයුම් යළිත් ආරම්භ කෙරෙන්නේ අනිද්දා (04) සිටය.
මේ අතර සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත ජාතික ගුවන් සේවය ද මේ මස 10දා සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බවය.