අද (17) රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් වේ.
අනෙකුත් ඉන්ධන වර්ග වල මිල නොවෙනස්ව පවතියි.
මේ අතර, මීට සමානව ඉන්ධන මිල අඩු කරන බවට ලංකා IOC සමාගමද පවසයි.