පුවත්

2023දී යන්න හොඳම දූපත් අතරට ලංකාවත් එක්වේ

Published

on

2023දී සංචාරය කිරීමට ඇති ලෝකයේ හොඳම දූපත් 50 අතරට බ්‍රිතාන්‍ය සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel නම් සංචාරක වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව ද නම් කර ඇත.

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ 13 වන ස්ථානයටයි.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට නම් කර ඇත්තේ බහාමා දූපත් වන අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන වලට ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියානු දූපත හා ඉන්දුනීසියාවේ රාජා අම්පත් දූපත් ද පිළිවෙළින් නම් කර ඇත.

සංචාරකයින්ට හට මිත්‍රශීලි ආගන්තුක සත්කාරකත්වය, රස පිරි ආහාර පාන, සුන්දර වෙරළතීර හා වසර දහස් ගණනක් පැරණි පෞරාණික නටඹුන් සහිත ශ්‍රී ලංකාවට පැමිණීමට හේතු දහසක් ඇති බව එහි දැක්වේ.

Trending

Exit mobile version