Connect with us

පුවත්

60 වසරක් මෙරට සිටි ජපන් මිට්සුබිෂි ලබන මාසේ ලංකාව හැරයයි!

Published

on

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වූකාරණා අතර ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ.

මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කිරීම පුද්ගලික අංශයට දැඩි කම්පනයක් ගෙන දෙන ආරංචියක් වූ අතර දේශීය හා විදේශීය සමාගම් මිට්සුබිෂි සමාගමේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොකු පසුබෑමකට ලක් වනු ඇතැයි පවසා තිබේ.

ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.46 ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබුණි.

මිට්සුබිෂි සමාගම එතෙර විවෘත කළ ප්‍රථම කාර්යාල වලින් ශ්‍රී ලංකාවේ කාර්යාලය එක් කාර්යාලයක් වූ බවත් ශ්‍රී ලංකා සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂි සමාගම දායකත්වය ලබාදී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක මිට්සුබිෂි මෙහෙයුම් ප්‍රධාන හවුල්කරුවකු විය.

මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විස්සක් පමණ වුවත් එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශ රාශියකින් ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සපයා ඇත.

පුවත්

අනුර අසනීපෙන්!

Published

on

By

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුට තෙහෙට්ටුව හේතුවෙන් උණ රෝගය වැළඳීම නිසාය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මේ බව හෙළි කළේය.

ඔහු කියා සිටියේ දිසානායක මහතාට සනීප නැති නිසා එම රැලියට සහභාගී වීමට නොහැකි වූ බවයි.

කෙසේවුවද, දිසානායක මහතා අද (07) පෙරවරුවේ කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී විය.

Continue Reading

පුවත්

රනිල් හා මාවෙයි අතර හමුවක් !

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ සිදුවිය.

ඒ, යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී ය.

මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වෙයි.

කෙසේවුවද අදාළ හමුවෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර, උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසා ඇත.

Continue Reading

පුවත්

නවතා තිබු වාහන 03ක් ගිනි ගනී

Published

on

By

පාදුක්ක – මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහන 03ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එලෙස හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනි ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත්, ඒ වන විටත් එම වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍ත් පොලීසිය පවසයි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පළමුවෙන් ත්‍රීරෝද රථයට ගිනි ඇවිලි ඇති බවත් අනතුරුව අනෙක් වාහනත් ගින්නෙන් විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved