පුවත්

iPhone චාජර් පෝට් එකේ වෙනසක්?

Published

on

සැප්තැම්බර් 12දා එළිදැක්වීමට නියමිත ඇපල් සමාගමේ (Apple) නවතම අයිෆෝන් (iPhone) ජංගම දුරකථනයට බොහෝ විට අනිත් ජංගම දුරකථන සමග පොදුවේ භාවිත කළ හැකි චාජරයක් සම්බන්ධ කළ හැකි පෝට් එකක් (USB-C charging port) ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.

මේ දක්වා ඇපල් සමාගමේ අයිෆෝන් නිෂ්පාදන සඳහාම පමණක් නිෂ්පාදනය කර ඇති Lightning adaptor නම් චාජරය වෙනත් වර්ගයේ දුරකථන හා භාවිතා කළ නොහැකිය.

කෙසේවෙතත්, යුරෝපා සංගමයේ නීති වලට අනුව, පාරිභෝගිකයන් සඳහා වන පිරිවැය අඩු කිරීම සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණෙන් 2024 දෙසැම්බර් වන විට සියළු ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් ප්‍රමිතිගත පොදු චාජරයක් නිෂ්පාදනය කළ යුතු වේ.

යුරෝපා සංගමයට අනුව, අනවශ්‍ය චාජර් මිලදී ගැනීම් සීමා වීම හේතුවෙන් පාරිභෝගිකයින්ට වසරකට යුරෝ මිලියන 250ක් දක්වා මුදල් ඉතිරි කර ගැනීමටත්, වසරකට අප්‍රද්‍රව්‍ය ටොන් 11,000ක් අඩුකරගැනීමටත් හැකි වනු ඇත.

iPhone 8 මාදිලියේ සිට එළිදැක්වුණු සියළු අයිෆෝන් රැහැන් රහිතව චාර්ජ් (wireless charging) කිරීමට හැකිවන ලෙස ඇපල් සමාගම විසින් නිර්මාණය කර ඇති අතර, මේ අනුව Lightning adaptor පෝට් එකක් ඇති අවසන් අයිෆෝන් නිෂ්පාදනය iPhone14 වනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version