Connect with us

පුවත්

Dialog 3G වසා දමයි; මේවා නිකන් බොරු නේ ? – ඩිලාන්

Published

on

මෙරට ප්‍රධානතම දුරකථන සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC), එහි 3G ජාලය 2023 දී වසා දැමීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම තීරණය ගෙන ඇත්තේ ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC) විසින් මෙරට පාරිභෝගිකයින්ට හොඳම පන්තියේ, ඊළඟ පරම්පරාවේ තාක්ෂණයන් හඳුන්වා දීමේ අඛණ්ඩ උත්සාහයේ අත්දැකීමක් ලබාදීමේ කොටසක් ලෙස බවයි.

3G ජාල වසා දැමීමේ ආරම්භක පියවරක් ලෙස නව 3G සම්බන්ධතා නිකුත් කිරීම අත්හිටුවීමට සමාගම විසින් 2022 ජූනි මාසයේ තීරණය කර තිබුණි.

ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා වෙත ප්‍රවේශ වීමට දැනට පවතින 4G උපාංගවල 4G දත්ත සේවා සවිබල කිරීමට මෙන්ම 4G ජාලයට මාරු වන ලෙස ඩයලොග් සිය 3G ජාල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටී.

කෙසේවුවද, ඩයලොග් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් යොමු කළ වහාම එයට දැඩි ප්‍රතිචාර දැක්වීමට පාරිභෝගිකයන් පටන්ගෙන තිබේ.

ඩිලාන් ජයසිංහ නැමැත්තෙකු පවසා ඇත්තේ විදුලි විසන්ධිවීම් පවතින වේලාවට ඩයලොග් ආයතනය වැඩි අවඡානය යොමු කරන්නේ කටහඬ සදහා පමණක් බවත්, ඒ අනුව නිවේදනයේ ඇති කාරණා බොරු බවයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

Dialog to Shut Down its 3G Network to Give More Spectrum Capacity to Expand 4G Broadband

Dialog Axiata PLC, Sri Lanka’s premier connectivity provider, has announced plans to shut down its 3G data network in 2023 to free up spectrum and increase the capacity of its 4G Broadband network. This decision comes as part of Dialog Axiata’s ongoing efforts to provide the best possible mobile experience for its customers and is part of its continued efforts to introduce best-in-class, next-gen technologies to Sri Lankan consumers.

Usage of the 3G Network account for less than 1% of Dialog’s data traffic and re-farming/allocation the 3G spectrum to support 4G Broadband will provide a much higher bandwidth and thereby a better experience to Dialog 4G Mobile Broadband customers. This announcement follows the Company’s decision in June 2022, to suspended issuance of new 3G connections as part of the 3G network shutdown initiative.

Dialog requests its 3G network users to switch to the 4G network as well as enable 4G data services on existing 4G devices to access Mobile Broadband services. To support the current 3G network users with the transition to 4G, Dialog offers a wide range of best-in-value 4G Smartphones, Dialog Lesi Pay instalment plans and free-of-charge 4G SIM upgrades which can be availed through its service network. Dialog will continue to maintain its 2G GSM network that would support the growing demand for voice services in addition to Voice over LTE offered through the 4G Network.

Dialog Axiata, having invested over USD3Billion to date, is committed to investing in the latest technology and infrastructure to ensure that its customers have access to the best possible mobile experience.

We apologise for any inconvenience that may be caused due to the shutdown of our 3G network, and we thank our customers for their patience and understanding as we refarm 3G spectrum to further improve our 4G mobile broadband network.

For more information about the 4G network, options to upgrade 3G devices and the shutdown of the 3G network, please contact our customer service team or visit

පුවත්

පාසැල් සිසුන් වෙනුවෙන් ගත් කැබිනට් තීරණ

Published

on

By

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහාය.

එමෙන්ම පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ වනවිට සියලුම රජයේ පාසල් වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු පාසල් වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 8,956ක “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි.

එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, වාර්ෂිකව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.5 ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සලසා දීමට හැකි වන පරිදි අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

පුවත්

කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ

Published

on

By

රජය මඟින් ලිඛිතව දැනුම්දීමක් සිදුකරන තෙක් නොසිට අවශ්‍ය නම් නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

“මේ තියෙන්නේ 1886 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත, මේ පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට පාර්ලිමේන්තු ගණනාවක් නියෝජනය කළා මේ පනත් ක්‍රියාත්මක කරපු, ලංකාවේ ජනාධිපතිවරයා විදියට හිටියා හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුගේ හෝ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක අවස්ථාවට උචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ හිමි විය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුව ගෙවිය යුතුයි පනතේ තියෙනවා. 

මං හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ.”

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග (Update)

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියෝඅග කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.


(පෙර පුවත: 2025 ජනවාරි 21, ප.ව.2:03)

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අද (21) උදෑසන , පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබිණි.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට පැමිණෙන අතරතුරදී රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා ඇති බව සඳහන් වේ.

එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා ඇත . එම අවස්තාවේදී ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති බව සඳහන්ය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එපමණක් නොව එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved