Connect with us

පුවත්

ලංකාවේ SPA වලට රට චිකිත්සකලා ගන්න අවසර!

Published

on

මෙරට සම්බාහන (SPA) මධ්‍යස්ථාන සඳහා ඉදිරියේදී විදේශීය පිරිමි සහ කාන්තා ස්පා චිකිත්සකයන් රැකියාවේ යෙදවීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක මහතා කියයි.

ඒ අනුව ඔවුන්ට ලංකාවේ සේවය කිරීමට මාස හයක හෝ වසරක වීසා බලපත්‍රයක් දීමට තීරණය කර ඇතැයිද ඔහු කියා සිටී.

දිවයින පුරා සම්බාහන මධ්‍යස්ථාන 136ක් පමණක් තම ආයනතයේ ලියාපදිංචි වී ඇති බව සඳහන් කරන ඒ මහතා බොහෝ විදේශිකයන් මෙරටට පැමිණෙන්නේ හෝටල්වලින් දෙන සම්බාහන සත්කාරය ගැනීමේ අරමුණින් වුවත් ඒ සඳහා පළපුරුදු කාන්තා සහ පිරිමි චිකිත්සකවරියන් නොමැතිකම හේතුවෙන් රටට ඩොලර් ගලා එන මාර්ග අතරමග නවතින බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිවී නැති අනෙකුත් සියලුම සම්බාහන මධ්‍යස්ථාන පළාත් පාලන ආයතනවල ව්‍යාපාර ලියාපදිංචි කිරීම යටතේ පමණක් ලියාපදිංචි කර ඇති බවද මේ අතර වාර්තා වේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සම්බාහන මධ්‍යස්ථාන හැරුණු විට අනෙකුත් සියලුම සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව තම අධිකාරියට වගකීමක් නොමැති බව ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙම අධිකාරියේ ලියාපදිංචි වී ඇති සුඛෝපභෝගී හෝටල් ඇතුළුව හෝටල් 469 ක් සඳහා ද සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර දී ඇතැයි වාර්තා වේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් NVQ සහතිකයක් යටතේ ස්පා චිකිත්සකයන් බඳවා ගැනීමේ සැලසුමක් මීට පෙර ක්‍රියාත්මක කර තිබුණත් ආයුර්වේද වෛද්‍ය සංගම්වල දැඩි විරෝධය නිසා එය අත්හිටූවීමට සිදුවූ බව උපාලි රත්නායක මහතා කියයි.

දැන් ඒ සඳහා ඔවුන් උනන්දුවක් දක්වන බව තමන්ට පවසා ඇතත් මෙරට පුද්ගලයන්ට චිකිත්සක පුහුණුව දීමට තවත් කාලයක් ගතවන බැවින් මෙරටින් පුහුණු පිරිස් එකතු කර ගන්නා තුරු වෙනත් රටවලින් පුහුණු පුද්ගලයන් ගෙන්වා ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

මූලාශ්‍රය – සතිඅග අරුණ

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved