Connect with us

ව්‍යාපාර

Google මව් සමාගමේ සේවකයන් 12,000ක් ගෙදර

Published

on

Google හි මව් සමාගම වන Alphabet විසින් සේවකයන් 12,000 ක් කපා හැරීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

Google සහ Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් අභ්‍යන්තර විද්‍යුත් තැපෑලක් යවමින් මෙම සේවක කප්පාදුවේ “සම්පූර්ණ වගකීම” භාර ගන්නා බව පවසා ඇත.

Alphabet හි ශ්‍රම බලකායෙන් 6%කට මෙම කප්පාදුව බලපානු ඇත.

මීට දින කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගම ද පවසා තිබුණේ සිය සේවක මණ්ඩලයේ 10,000කට රැකියා අහිමි වනු ඇති බවත්ය. සති කිහිපයකට පෙර ඇමසන් සමාගමද රැකියා 18,000ක් කප්පාදු කරන බවට නිවේදනය කර තිබුණි.

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

ව්‍යාපාර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු නව මිල

Published

on

By

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2025 ජූනි 9 සිට ජූනි 15 දක්වා)

1  තිරිගු පිටි – 150.00 – 176.00
2  සුදු සීනි –   215.00 – 240.00
3  පරිප්පු –   249.00 – 278.00
4  අර්ථාපල් (ආනයනික) – 150.00 – 194.00
5  බී ළූණු (ඉන්දියා) – 120.00 – 146.00
6  බී ළූණු (පාකිස්තාන)  – 100.00 – 128.00
7  රතු ළූණු (ආනයනික)  – 250.00 – 332.00
8  වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – 800.00 – 894.00
9  වියළි හාල්මැස්සන් (අනෙකුත්)  – 600.00 – 683.00
10  වියළි මිරිස්  – 580.00 – 662.00
11  බිත්තර (සුදු)  ඒකකයක් – 28.00 – 34.00
12  බිත්තර (දුඹුරු) ඒකකයක් – 30.00 – 36.00
13  ටින්මාළු (දේශීය) ටූනා 425g  – 330.00 – 380.00
14  ටින්මාළු (දේශීය) මැකරල් 425g  – 350.00 – 420.00
15  ටින්මාළු (ආනයනික)  425g – 350.00 – 415.00
16  දේශීය කැකුළු සහල් (සුදු)  – 210.00 – 220.00
17  දේශීය කැකුළු සහල් (රතු)  – 198.00 – 220.00
18  දේශීය නාඩු සහල් (සුදු)  – 210.00 – 230.00
19  බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 850.00 – 1010.00
20  සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – 940.00 – 1100.00
21  ලුණු – 130.00-156.00

Continue Reading

විශේෂාංග

ට්‍රම්ප්ගේ බදු සහනය තව මාසයයි: ලංකාවේ සැලසුම කුමක්ද?

Published

on

By

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ලබන ජූලි 8 වන දායින් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස සිය තීරු බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ස්ථිර පදනමක් දැමිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, කෘෂිකාර්මික උපකරණ, ලුණු හා බිත්තර ගෙන්වා ගැනීමේදී ආනයන බදු ලිහිල් කර වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම ඔස්සේ නිදහස් වෙළෙඳාමකට යා යුතු බවය.

මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ අමෙරිකාව සම්බන්ධයෙන් වුව ආනයන බදු හා වෙළෙඳපොළ බාධක ඉවත් කළ යුතු බවත් එවිට ඔවුන් ධනාත්මක ලෙස ඒ ගැන සලකා බලනු ඇති බවත් ය.

ජාත්‍යන්තර වෙළෙඳ සංගමයේ මූලධර්ම අනුව සියලු රටවල් සඳහා පොදු වෙළෙඳපොළ බදු ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුය.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද තත්ත්වයට වඩා බොහෝ කාලයක් ආරක්ෂණවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම හා ප්‍රමාණවත් වෙළෙඳපොළ තත්ත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීම හමුවේ ඇති වූ තත්ත්වයක් බව ද  මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව, අප රටක් ලෙස දැන් හෝ ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ විය යුතුය.

එසේ ගිව්සුමකට නොගියොත් වඩාත් අවාසිසහගත වෙළෙඳපොළ කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරග කිරීමට මෙරට ඇඟලුම් අපනයනවලට සිදුවනු ඇති බවට මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අනතුරු ඇඟවීමක් ද දැක්වීය.

මේ අනුව ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ගෝලීය වෙළෙඳ පංගුව අහිමි වීම පමණක් නොව එම ක්ෂේත්‍රයේ පවතින ආයෝජනයන් ද රටට අහිමි වීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරටට සාපේක්ෂව වියට්නාමය සහ බංග්ලාදේශයේ නිෂ්පාදන පිරිවැයෙහි දැවැන්ත වෙනසක් පෙන්නුම් කළහොත් කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ආයෝජකයන් ඔවුන්ගේ ව්‍යාපාර එම රටවලට ගෙනයනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

මහාචාර්යවරයා සඳහන් කළේ, ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසි අවස්ථාවේදී සිදු නොවීමේ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් ඇති බව ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved