පුවත්

Indigo සමඟින් අද සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන්

Published

on

අද (12) සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් එකතු කරමින් ඉන්ඩිගෝ ශ්‍රී ලංකාව වෙත ස්වකීය සම්බන්ධතාව පුළුල් කර තිබේ.

ඒ අනුව සතියකට තුන් වතාවක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඉන්ඩිගෝ, කොළඹ සිට ඉන්දියාවේ ගමනාන්ත තුනකට (චෙන්නායි දිනකට දෙවරක්, බැංගලෝර් දිනකට එක් වරක් සහ හයිද්‍රාබාද් සතියකට දින හයක්) වශයෙන් ක්‍රියාත්මක වේ.

මෙය ගමනාන්ත හතරක් දක්වා ඉහළ දැමීම අපේක්ෂා කරන අතර එමඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාර, වෙළෙඳ සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉමහත් දායකත්වයක් එක්කරනු ඇත.

ඒ අනුව, නව එකතු කිරීමත් සමඟ ඉන්ඩිගෝ ඉන්දියාවේ ප්‍රධාන නගර හතරකින් කොළඹට සතිපතා ගුවන් ගමන් 30 ක් ක්‍රියාත්මක වීමට නියමිතය.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) ලිමිටඩ් (AASL) හි සභාපති අතුල ගල්කැටිය මහතා පැවසුවේ, AASL මෑතකදී ඉන්දියාවේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ඉන්ඩිගෝ සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බවය.

ඒ අනුව , 2024 ජූනි 1 වනදා සිට යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කරන බව සභාපතිවරයා විසින් වැඩිදුරටත් දක්වන ලදී.

මෙහිදී දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සිදුවන අතර මෙම සම්බන්ධතාවය උතුරු පළාතේ සංචාර සහ වෙළඳාම ඉහළ නැංවීම සඳහාත් ජාතීන් අතර සංස්කෘතික හා ආගමික බැඳීම් ශක්තිමත් කිරීම සඳහාත් ඉවහල් වනු ඇත.

Trending

Exit mobile version