පුවත්

Odel එකෙන් ඉවත් කළ ක්‍රීම් විකුණූ දෙමහල් වෙළඳ සැලට සීල් තියයි

Published

on

කොළඹ 07 පිහිටි Odel සාප්පුවනේ ඉවත් කරන ලද කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබු අතුරුගිරිය ප්‍රදේශයේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් ඊයේ (08) පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. 

ලද තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී සොයා ගත් රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවද පැවසේ.

ඒවා විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු බව වැටලීම් නිලධාරින් පවසයි.

අදාළ පුද්ගලයා නිමි ඇඳුම් අලෙවිසලෙන් එම ද්‍රව්‍ය ඉතා අඩු මිලට රැගෙන ගොස් වට්ටම් සහිතව මෙලෙස අලෙවි කර තිබේ. 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම අධිකාරිය සඳහන් කරයි.

Trending

Exit mobile version