Connect with us

පුවත්

Rage Coffee ලංකාවේ එළිදකී (ඡායා)

Published

on

ඉන්දියාවේ නිෂ්පාදිත ජනප්‍රිය ක්ෂණික කෝපි නිෂ්පාදනයක් වන Rage Coffee ඊයේ (14) ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.

ඉතියෝපියාවෙන් සහ ඉන්දියාවෙන් නෙළාගත් කෝපි අස්වැනු නවීණ තාක්ෂණය භාවිතයෙන් විජලනය කිරීමෙන් නිෂ්පාදිත Rage Coffee පානය, සාමාන්‍ය කෝපි පානයන් වලට වඩා ඉහළ කැෆේන් ප්‍රමාණයකින් යුක්ත 100%ක් ශාකමය නිෂ්පාදනයක් බව එම සමාගම පවසයි.

ගුණාත්මය ලාභදායි විකල්පයක් ලෙස මෙහි Silk Blend එකතුව හඳුන්වා දී ඇති අතර, ඊට Belgian Chocolate, Vanilla Velvet යන Creamy Hazelnut යන මිශ්‍රණද අඩංගුවේ. ඊට අමතරව, වඩාත් උසස් ප්‍රමිතියේ කෝපි රසයක් වෙනුවෙන් Irish Hazelnut, Dark Chocolate, Creme Caramel, French Vanilla සහ Butterscotch Delight වැනි මිශ්‍රණ ඇතුළත් Premium Blend එකතුවද මීට එක්වේ.

Rage Coffee නිෂ්පාදන කාගිල්ස් අලෙවිසැල් ජාලය තුළ පමණක් අලෙවි කරනු ලැබේ. ඊට අමතරව එහි වෙබ් අඩවිය වන www.RageCoffee.lk හරහා මෙම නිෂ්පාදන මාර්ගගත ක්‍රමයටද ඇණවුම් කළ හැකිය.

භාරත් සෙති මහතාගේ සංකල්පයක් වන මෙම නිෂ්පාදනය මුලින්ම ඉන්දියාවේ දියත් කර ඇත්තේ 2018දීය. ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක – විරාත් කෝලි, Rage Coffee හි හවුල්කරුවෙකු සහ සන්නාම තානාපතිවරයා ද වේ.

මෙම නිෂ්පාදනය, Cliphs Pvt. Ltd. හි අනුබද්ධිත Staple Mark සමාගම විසින් මෙරටට ගෙන එනු ලබයි. ශ්‍රී ලංකාවේ විශාලතම ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන Cliphs Pvt. Ltd. හි ප්‍රධානියා ලෙස අරුනන් වෙන්ගදාසලම් මහතා කටයුතු කරයි.

මෙම අවස්ථාව අමතමින් අරුනන් වෙන්ගදාසලම් මහතා මෙසේ පවසා සිටියේය :

“අනෙකුත් ප්‍රමුඛ පෙළේ ක්ෂණික කෝපි නිෂ්පාදකයින් ඔවුන්ගේ නිෂ්පාදන ලබාදෙන්නේ කෙසේදැයි සොයා යන විට, ඉතා උසස් තත්ත්වයේ සහ පෝෂණ ගුණයෙන් යුත් නිෂ්පාදනයක් වෙත මෙම වෙළඳපොළ තුළ අවධානය යොමු කිරීමට අප පෙලඹුණා. ඇත්ත වශයෙන්ම බැහැර කළ යුතු, බිම වැටී ඇති කෝපි ඇට වල කටු පවා භාවිතා කරන කෝපි නිෂ්පාදකයන් අතරින්, උසස්ම තත්ත්වයේ කෝපි කුඩු අගය කරන හා ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන නිෂ්පාදකයෙකු අපට හමුවුනා.”

“Rage Coffee නිර්මාණය කර ඇත්තේ සියලු රුචි අරුචිකම් සපුරාලීමටයි. ශ්‍රී ලංකාවට හොඳම දේ ලැබිය යුතු බව අප විශ්වාස කරන අතර, Rage Coffee යනු මෙම දේශය සුවිශේෂී කරන අද්විතීය රසයන් වල එකතුවට අප ලබාදෙන දායකත්වය,” බවද ඔහු පැවසීය.

විවිධ රසයන් ගවේෂණය කරන පාරිභෝගිකයන් සිටින, ශ්‍රී ලංකාවේ විකාශනය වන කෝපි සංස්කෘතිය, ශ්‍රී ලංකාවට Rage Coffee හඳුන්වා දීමට ‘සුදුසුම අවස්ථාවක්’ සිය සමාගම වෙත උදා කර දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පටිගත කරන ලද ප්‍රකාශයක් ඔස්සේ අදහස් දැක්වූ, Rage Coffee හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී භාරත් සෙති මහතා, සිය සමාගම හා හවුල්කාරිත්වයකට එළැඹ, ශ්‍රී ලාංකිකයන් අතරට පත්වන ප්‍රධානතම කෝපි සන්නාමයක් ලෙස Rage Coffee පත්කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.

(ඡායා : ශානිකා ජයසේකර)

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved