Connect with us

පුවත්

SVAT අහෝසි කරන්න තීරණය කරයි!

Published

on

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමත් සිදුකළ යුතුව ඇති බව රජය සඳහන් කරයි.

දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාව පවතී.

පුවත්

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා කාලය දීර්ඝ කරයි

Published

on

By

ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇත.
 
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කළේ, රැකියා, සංචාරක, ස්වෙච්ඡා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර ශිෂ්‍ය, පූජක සහ ආගමික, තාවකාලික නේවාසික වීසා යන කාණ්ඩ යටතේ ඊශ්‍රායලයේ සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර ඇති බවය.
 
එමෙන්ම, යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 04 දෙනාගෙන් දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් ගැන දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා විසින් පවසන ලදී.
 
තානාපති කාර්යාලයේ සති අන්ත නිවාඩු දින දෙකෙහිම ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කලේය.
 

Continue Reading

පුවත්

දුමින්ද අධිකරණයට

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved